Thursday, April 25, 2024

අගමැති රැළි 25 ටම යයි

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන රැළි 25 ක් පැවැත්වීමට සැලසුම්කර ඇති ඇති අතර ඒ සියලුම රැළි සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමටද නියමිතය.

එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  18 දා ආරම්භකිරීමය නියමිතය. එදින සවස 3.00 ට මහනුවර පොදු වෙළෙදපොල භුමියේදී ප්‍රධාන රැළිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එයට සමගාමීව එක්සත් ජාතික පක්ෂ මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සංවිධාන 25 ක් ඇමතීමටද නියමිතව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles