Thursday, April 25, 2024

අපි ආණ්ඩුවේ ඉන්නේ ආසවට නෙමෙයි-රටට ආණ්ඩුවක් ඕන නිසයි

තමන් ආණ්ඩුවේ සිටින්නේ ආසවට නොවන බවත් රටට ආණ්ඩුවක් අවශ්‍ය නිසා එහි රැඳී සිටින බවත් කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
අද(29) රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අවුරුදු 3 කට ආසන්න කාලයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව පාලනය කළ බවත් යම් යම් පසුබෑම් පාලන කාලය තුළ ඇති වු බවත් පැවසු අමාත්‍යවරයා ආර්ථිකය අංශ සම්පූර්ණයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විසින් පාලනය කරන බවද කියා සිටියේය.
ඔවුන් ගන්නා ඇතැම් තීන්දු තීරණ හමුවේ අද වන විට විශාල අසාර්ථක භාවයක් ආණ්ඩුව තුළ ඇතිව තිබෙන බවත්, මේ නිසා රටේ ජනතාව තමන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරන බවත් පැවසීය.
රටේ ජනතාව මේ හේතුවෙන් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන බවත් ආණ්ඩුවේ රැදෙමින් එහි කටයුතු කරන්නේ කිසි විටෙකත් එයට ඇති ආසවට නොවන බවත් රටට ආණ්ඩුවක් අවශ්‍ය නිසා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් ආණ්ඩුවේ සිටිය ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යම් යම් තීරණ පක්ෂයක් ලෙස ගන්නා බවද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles