Wednesday, April 24, 2024

අයිතීන් රැකීම පාර්ලිමේන්තුවේ වගකීමක්

ලෝකයේ සෑම පුරවැසියෙක්ම උපතින් සමාන අයිතිවාසිකම් ලබන බවත් උපතේ සිට මරණය දක්වා එම පුරවැසියන් සතු අයිතිවාසිකම් ආරක්ෂා කර දීම පාර්ලිමේන්තුව සතු වගකීමක් වන බවත් කතානායක කරු ජයසූරිය මහතා ලෝක අන්තර් පාර්ලිමේන්තු සමුළුවට සමගාමීව පැවැති මානව හිමිකම් සැසිය අමතමින් පැවසීය.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන රටවල් 170 ක සහභාගීත්වයෙන් යුත් ලෝක අන්තර් පාර්ලිමේන්තු සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන ලෝක පාර්ලිමේන්තු කථානායකවරුන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා එහි ගොස් සිටින කථානායක කරු ජයසූරිය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් , වේළුකුමාර් සහ මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජයරත්න යන මහත්ම මහත්මීන් අද විශේෂ සැසියට සහභාගී වූහ.

සැසියේ ප්‍රධාන කටයුත්තක් ලෙස සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජර්මනිය හා බ්‍රසීලය එක්ව ගෙන ආ යෝජනාව සාකච්ඡාවට ගැනිනි. රටවල් 170 ක් නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුත් මෙම සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වේ කථානායක කරු ජයසූරිය මහතාට හිමි වීම විශේෂත්වයකි. මෙහිදී දින දෙකක් පුරා පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පිළිබඳ සමුළුව අමතමින් ශ්‍රී ලංකා කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළේ උපතින් සෑම පුරවැසියෙක්ම සමාන අයිතිවාසිකම් ලබන බවත් උපතේ සිට මරණය දක්වා ම පුරවැසියන් සතු එම අයිතිවාසිකම් ආරක්ෂා කර දීමේ වගකීම පාර්ලිමේන්තුව සතු වන බවත් ය.

ශ්‍රී ලංකා දූත පිරිස සමග මෙම සමුළුව සදහා ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියරත්න මහතා ද එක්ව සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles