Wednesday, April 24, 2024

අසාර්ථක දුෂිත ඇමතිලා රැසක් ඉවතට..

හෙට දින පෙරවරුවේ කැබිනට් සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

හෙට පෙරවරු 10ට පමණ මෙය සිදුකිරීමට නියමිත අතර ඒ සදහා අදාල කටයුතු මේ වන විට ජනාධිපති කාර්යාලය තුල ලහි ලහියේ සිදුවෙමින් තිබේ.

පසුගිය කාලය තුල විවිධ චෝදනා එල්ල වූ හා අසාර්ථකත්වයට පත් ඇමතිවරුන් වෙනස් කිරීම මෙහිදී සිදු වනු ඇත.

මෙහිදී ඇමති අර්ජුන රණතුංග හා දුමින්ද දිසානායකගේ ඇමති ධුරයන් ස්ථිර වශයෙන්ම වෙසන් වීමට නියමිතය.

පෙට‍්‍රල් අර්බුදය නිසා අර්ජුනගේ ඇමති ධුරයත් පොහොර ප‍්‍රශ්නය නිසා දුමින්දගේ අමාත්‍යංශයත් වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

පලාත් පාලන මැතිවණයේදී අර්ජුන රණතුංග එජාපයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කිසිදු දායකත්වයක් නොදැක්වීම මත ඔහුගේ ඉවත් කිරීම එජාපය විසින්ද අනුමත කර ඇතැයි වාර්තා වෙයි.

දුමින්ද දිසානායක මහතා නායකත්වය දරන අනුරාධපුර දිස්ත‍්‍රික්කය මුළුමනින්ම පරාජය වීමද ඔහු ඇමති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇති බවද සදහන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles