Friday, April 19, 2024

කාන්තාවන් හා ළමූන් සවිබල ගැන්වේ

ඉදිරි වසර පහ තුළ කාන්තාවන් හා ළමූන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු ඇමැති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය අද (29) පාර්ලිමේන්තුවේ දී  මේ බව ප්‍රකාශ කළේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

රටේ ජාතික ප්‍රතිපත්ති හා අනාගත ඉලක්කයන් අරමුණු කරගනිමින් කාන්තාවන් හා ළමූන් වෙනුවෙන් අපේ අමාත්‍යාංශය කරන කාර්ය ඉතාම පුළුල්. දේශපාලනික, සෞඛ්‍ය සංස්කෘතිය අධ්‍යාපනය වැනි අංශ සංවර්ධනය කිරිමට අප කටයුතු කර තිබෙනවා.

මේ වසරේ ලබාදී තිබෙන මුදල අඩුවීමක් ගැන කතා කළත් ලබන වසරට ප්‍රමාණවත් මුදලක් ලැබී තිබෙනවා. අවශ්‍යතාවයක් තිබෙනවා නම්, තවත් මුදල් ලබාගැනීමට අප සූදානම්. අපේ අමාත්‍යාංශය හරහා ආකාර කිහිපයකට ක්‍රියාත්මකවීම් සිදු වෙනවා.

නීතිය හා ප්‍රතිපත්ති සකස් කිරීම, වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැනි අංශවල කටයුතු සිදු කරනවා. ඉන් ප්‍රතිලාභල ලබාදීමට කටයුතු කරනවා. රට තුළ කාත්නාවක් හා ළමූන්ට කොයි ආකාරයේ හිංසා පීඩන තිබුණත් අපි ඒවා පාලනය කර ගැනීමට කටයුතු කරනවා. දිළිදුකම වැඩියෙන්ම පැතිරිලා තිබෙන්නේ කාන්තාවන් අතරෙයි.

රටේ කාන්තාවන්ට හොඳ ආදායම් ලැබෙන ආදායම් මාර්ග අඩුයි. ඒ නිසා තමයි අපි දකින්නේ කාන්තාවන් විදේශගතවීම පිළිබඳව. විදේශගත වීම අවම කර ගන්න අමාත්‍යාංශවලට යොදන මුදල් වලින් සියයට 25ක් කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිවලට යොදවන ලෙස කැබිනට් අනුමැතිය ලැබුණා. එය මේ වෙන විට සාර්ථක සිදු කරමින් පවතිනවා. ඍජුව අපේ අමාත්‍යාංශයයෙන් සිදු කරන වැඩපිළිවෙළට අමතරවයි මේ ව්‍යාපෘතිය සිදු වෙන්නේ.‍ අපේ රටේ මුළු ජනගහනයෙන් සියයට 24ක් ඉන්නේ වැන්දඹු හා පීඩාවට පත්වූ කාන්තාවන්. එම කාන්තාවන් නගාසිටුවීමට කටයුතු කළ යුතුයි.

විශේෂයෙන් උතුරු පළාතේ කාන්තාවන් සවිබල ගැන්විම සඳහා විශාල වැඩකොටසක් සකස් කර තිබෙනවා. ඉදිරි වසර පහ තුළ කාන්තාවන් හා ළමූන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අප කටයුතු කරනවා. අපේ වැරදි අඩුපාඩු අවම කරගනිමින් කාන්තාවන් හා ළමූන් සවිබල ගැන්වීම අප සාර්ථකව ඉදිරියට කර ගෙන යනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles