Thursday, March 28, 2024

කොටස් පිරිවැටුම රුපියල් බිලියන 2 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (27) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.90 ක පහළ යාමක් වාර්තා කළ අතර එය ඒකක 6,559.42 ක් වශයෙන් වාර්තා විය.

මේ අතර රුපියල් බිලියන 2.22 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වයක් ලබා දෙන ලද්දේ සම්පත් බැංකුවේ කොටස් ගනුදෙනුවකි.

විදේශීය පාර්ශව දෙකක් අතර මෙම ගනුදෙනුව සිදුව තිබෙන අතර සම්පත් බැංකුවේ 8 වැනියට විශාලතම කොටස් හිමියා වූ HSBC INTL NOM Ltd-State Street Luxembourg C/O SSBT – ABN Amro Multi Manager Funds සතුව පැවති කොටස් 3,875,241 ක් රුපියල් 335.20 බැගින් මෙහිදී ගනුදෙනු විය. රුපියල් බිලියන 1.29 (රු. 1,298,980,783.20) ක පිරිවැටුමක් එමඟින් වාර්තා විය.

දිනය තුළ මිල ඉහළ ගිය සමාගම් අතර වඩාත් කැපී පෙනෙන පිරිවැටුමක් වාර්තා වූ සමාගම් කොටස් ලෙසින් ලාෆ්ස් ගෑස් සමාගමේ ඡන්ද බලය සහිත හා ඡන්ද බලය රහිත කොටස් දැක්විය හැකිය. දිනය තුළ දී ලාෆ්ස් ගෑස් ඡන්ද බලය සහිත කොටසක මිල රු. 30.30 දක්වා 12.22% කින් ද, ලාෆ්ස් ගෑස් ඡන්ද බලය රහිත කොටසක මිල රු. 25.00 දක්වා 10.62% කින් ද ඉහළ යන ලදී.

මේ අතර එක් කොටසක් සඳහා Union Bank Of Colombo PLC සත 10 ක් හා Union Assurance PLC රු. 18.00 ක් බැගින් වන පරිදි ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම ද අද දිනයේ දී සිදුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles