Thursday, March 28, 2024

ග්‍රී ලංකාවේ හොඳම තේ වතුයාය අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ කැටපල වත්තට

ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තයට වසර 150 ක් සපිරීමට සමගාමීව තේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියැලී සිටින පිරිස් දිරිගැන්වීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලද ජාතික තේ සම්මාන උළෙල – 2017 ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ 2017 දෙසැම්බර් මස 08 වැනි දින පස්වරුවේදී පැවැත්වුණි. හොඳම තේ දළු නෙළන්නා, හොඳම අමු තේ දළු සපයන්නා, හොඳම තේ වත්ත, හොඳම තේ කර්මාන්ත ශාලාව, හොඳම තේ අපනයනකරු ඇතුළු විවිධ අංශ සදහා සම්මාන 150 ක් මෙහිදී ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සම්මාන 25 ක් පිළිගැන්විණි. මෙම සම්මාන උළෙලේදී ග්‍රී ලංකාවේ හොඳම තේ වතුයාය තේරීමේ තරගයේදී මධ්‍යම පරිමාණ (අක්කර 10 – 50 දක්වා) අංශයේ ජාතික මට්ටමේ පළමු ස්ථානය අතුකෝරළ සමූහ ව්‍යාපාරයට අයත් කැටපල වත්ත වෙනුවෙන්ද, ග්‍රී ලංකාවේ හොඳම තේ කර්මාන්තශාලාව තේරීමේ තරගාවලියේ ජාතික මට්ටමේ කුඩා පරීමාණ අංශයේ තෙවන ස්ථානයට හිමි සම්මානයද එම සමාගමට අයත් අතුකෝරළ තේ කර්මාන්තශාලාව වෙනුවෙන් ගාල්ල, පිටිගල අතුකෝරළ ගෘප් ප්‍රයිවඩ් ලිමිටඩ්හි සභාපති අනුර අතුකෝරළ මහතා විසින් ජනාධිපති සුරතින් ලබාගත්තේය. අතුකෝරළ සමූහ ව්‍යාපාරයට මෙම සම්මාන හිමි වූයේ ඔවුන්ගේ විශේෂ දක්ෂතා, ජයග‍්‍රහණ, දායකත්වය හා ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවීම ඇගයීමට ලක්කිරීමේ අරමුණින්ය. මෙයට පෙර අතුකෝරළ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් හා තත්ත්ව සහතික ගණනාවකින් පිදුම් ලැබීය. ඒ අනුව ISO 22000: 2005, HACCP, ග්‍රී ලංකා තේ මණ්ඩලයේ CQC තනි තරුව තත්ත්ව සහතිකය, ජාතික වැවිලි සම්මානය – මතුගම කලාපයේ හොඳම තේ කර්මාන්තශාලාව 2012/2013, FCCISL – දකුණු පළාත විශාල ව්‍යාපාර අංශය (රිදී සම්මානය / ලෝකඩ සම්මානය) FCCISL ජාතික මට්ටම – විශාල ව්‍යාපාර අංශය රන් සම්මානය, ජාතික ඵලදායිතා සම්මාන ඇතුළු සම්මාන රැසක් මින් පෙර අතුකෝරළ සමූහ ව්‍යාපාරය දිනාගනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles