Tuesday, April 23, 2024

නාමල්ගේ විදෙස් වත්කම් ගැන FCIDය හොයයි

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතාගේ විදේශ වත්කම් පිළිබඳ විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කළ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය 22වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දන්වා තිබේ.

තම දේශපාලන බලය අයුතු ලෙස උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටියදී කොටස් වෙළෙඳපොළේ සිදුකර ඇති සැකසහිත ගනුදෙනු පිළිබඳව කළ විමර්ශනයකදී අනාවරණය වූ කරුණු ඔස්සේ එම පරීක්‍ෂණය කරන බව පොලිසිය අධිකරණය වෙත දන්වා ඇත.

එන්.ආර්. කන්සල්ටන්ස් සහ ගවර්ස් කෝපරේට් සර්විස් යන සමාගම්වල හිමිකාරිත්වය දරණ නාමල් රාජපක්‍ෂ සහ එම සමාගම්වල අධ්‍යක්‍ෂවරුන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරණ විමර්ශනවලට අනුව එම සැකකරුවන්ගේ වත්කම් බැරකම් හා බැංකු ගිණුම් විස්තරද ඔවුන් සතු විදේශ වත්කම් පිළිබඳවද විමර්ශන පවත්වාගෙන යන බව පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

එම සමාගම්වල ඉන්වොයිස් පත්‍රවලට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් එම ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් විදේශ සමාගම් ඔස්සේ විස්තර වාර්තා කැඳවීමටද ක්‍රියා කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා ඇත

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles