Friday, April 26, 2024

නියපොත්තෙන් කළ හැකි දේට පොරොව එපා

යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ  යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව පොලීසිය විසින් වෙඩි තබා මරා දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීම සදහා මේ දිනවල උතුරු පළාතේ සිදු කෙරෙන යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

දකුණේ ජනතාව මේ දිනවල සිදුවන ක්‍රියා පිළිබදව වැරදි ආකල්පයකින් බැලීමත් සාමය කඩ කිරීමට උඩගෙඩි දීමටත් ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා උදාවී ඇති සාමය ස්ථාපිත කිරීමට සියළු දෙනාම කැප විය යුතු බවද ප්‍රකාශ කළේය.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව  රජය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබාදීමත් මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමටත් වග බලා ගත යුතු බවද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles