Tuesday, April 16, 2024

බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව තිබෙනවා

සී.එස්.එන් නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය නීතිවිරෝධී නොවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍යගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සී.එස්.එන්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (27) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

නාළිකාව නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නිසා බලපත්‍රය අවලංගු කර තිබෙන බව කී අමාත්‍යවරයා, මෙය පරිපාලනමය කටයුත්තකට සම්බන්ධ කරුණක් මිස ජනමධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වයට සිදු කළ දෙයක් නොවන බවද කොන්දේසි උල්ලංඝණය කර තිබෙන නිසා බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles