Friday, March 29, 2024

බ‍්‍රැන්ඩික්ස් සිසු දරුවන් 7,600 කට පාසැල් උපකරණ සහ පාසැල් බෑග් ප‍්‍රදානය කරයි

බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සුභසාධන වැඩසටහනක් වන ‘රන්දරු තිළිණ’ වැඩසටහන යටතේ බ‍්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයින්ගේ දරුවන් 7600 කට වැඩි සංඛ්‍යාවකට පාසැල් ලිපි ද්‍රව්‍ය, සෑම දරුවෙකුටම පාසැල් බෑගයක් සහ අනිකුත් පාසැල් ද්‍රව්‍ය නව පාසැල් වාරය වෙනුවෙන් බෙදාදීම සිදුකරන ලදී.

2016 වසරේදී ආරම්භ කළ ‘රන්දරු තිළිණ’ වැඩසටහන යටතේ පෙර පාසැල්වල සිට 05 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා ප‍්‍රතිලාභ ලබාදෙන අතර පාසැල් බෑගයක්, අභ්‍යාස පොත්, චිත‍්‍ර පොත්, පැන්සල් සහ පාට පැන්සල්, අඩි කෝදු, ගම් සහ අනිකුත් අත්‍යවශ්‍ය පාසැල් උපකරණ ඇතුළත් පාර්සලයක් ලබාදෙන අතර මෙමගින් මෙම දරුවන්ගේ මේ වසරේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල සහයෝගයක් හිමිවේ. තරුණ දරුවන්ගේ පාර්සල් සඳහා ක්ලේ, කතුරු සහ පැස්ටල් යන උපකරණද එකතු කර තිබේ.

මේ වසරේදී, මෙරට බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා 22 ක සේවය කරන සාමාජිකයින් 4,971 දෙනෙකුගේ දරුවන් මෙම වැඩසටහන මගින් ප‍්‍රතිලාභ ලැබූ අතර මෙම වැඩසටහන ආරම්භ කළදා පටන් මෙමගින් බ‍්‍රැන්ඩික්ස් සාමාජිකයින්ට විශාල සහනයක් බවට පත්වීම කැපී පෙනේ. මීට අමතරව, බ‍්‍රැන්ඩික්ස් සාමාජිකයින්ගේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා ’රන්දරු ශිෂ්‍යත්ව’ වැඩසටහනද ක‍්‍රියාත්මක කරයි.

‘නව පාසැල් වසරේ ආරම්භය පිළිබදව දරුවන් ඉතාමත් උද්යෝගිමත් වෙනවා. ඒ වගේම මේ කාලය දෙමව්පියන්ට වියදම් අධික කාලයක්. මෙම පාසැල් උපකරණ ලබාදීම මගින් අප බලාපොරොත්තු වන්නේ මෙම කාල පරිච්ඡේදය තුළ අමතර වියදම් කිරීම මගින් අපගේ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වයේ ඇතිවිය හැකි ගුණාත්මකභාවය පහළ වැටීම නතර කිරීමටයිල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රැන්ඩිස් සමූහයේ සමාජ සත්කාර සහ ආයතනික සන්නිවේදන අංශයේ ප‍්‍රධානී, අනුෂා අලස් මහත්මිය පැවසුවාය. ‘අපගේ ව්‍යාපාරයේ කොඳු නාරටිය වන්නේ අපගේ සාමාජිකයින්. මෙම වැඩසටහන මගින් පෙන්නුම් කරන්නේ සෑම අවස්ථාවකදීම අපගේ සාමාජිකයින් රැුකබලා ගැනීම සඳහා අප දක්වන කැපවීමයි.’

මෙවර බ‍්‍රැන්ඩික්ස් ‘රන්දරු තිළිණ’ වැඩසටහන මගින් ප‍්‍රතිලාභ ලැබූ සිසුදරුවන් දිවයින පුරාම ව්‍යාප්ත වූ අතර ඔවුන් මඩකළපුව, ගිරිතලේ, පොලොන්නරුව, නිවිතිගල, කොග්ගල, රඹුක්කන, කහවත්ත සහ පන්නල ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක් නියෝජනය කළේය.

මේ ආකාරයේම වැඩසටහනක් අන්ද්‍රා ප‍්‍රදේශයේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඉන්ඩියා ඇඟලූම් නගරයේ තිබෙන බ‍්‍රැන්ඩික්ස් ඉන්ඩියා සමාගම විසින්ද දියත් කර තිබේ.

2015, 2016 සහ 2017 වසර වලදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමේ බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී ශ‍්‍රී ලංකාවේ වටිනාම අපනයන සන්නාමය ලෙස නම් වූ බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහයයි. ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පිට පිටම වසර පහක් බ‍්‍රැන්ඩික්ස් සමූහය ශ‍්‍රී ලංකාවේ ‘වසරේ අපනයනකරු’ යන සම්මානයෙන් පිදුම් ලබා තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට අනුව මෙරට අපනයන කර්මාන්ත ක්ෂේත‍්‍රයේ වැඩිම රැුකියා සම්පාදක වන්නේද බ‍්‍රැන්ඩික්ස් සමූහයයි. බ‍්‍රැන්ඩික්ස් ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට පූර්ණ විසඳුම් සංකල්පය හඳුන්වාදීමේදී පුරෝගාමී සමාගම ලෙස ගෞරවයට පාත‍්‍රවී තිබෙන අතර ඇමරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රමුඛතම ඇඟලූම් සන්නාම සඳහා සැපයුම්කරුවෙකි. පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය මිණුම් ලකුණක් සහ ජාත්‍යන්තර සම්මාන ලාභියෙකු වන අතර පාරිසරික යහපුරුදු වෙනුවෙන් කැපවී සිටී.


සේයාරු සටහන – පොලොන්නරුව බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සාමාජිකයින්ගේ දරුවන් (ඉහළ* සහ වැලිසර කර්මාන්ත ශාලාවේ සාමාජිකයින්ගේ දරුවන් බ‍්‍රැන්ඩික්ස් නව පාසැල් වාරය වෙනුවෙන් ’රන්දරු තිළිණ’ පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහනට සහභාගී වෙමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles