Thursday, April 25, 2024

මිලියන 4 ක සංචාරකයින් ගෙන්වන ධම්මිකගේ සැලැස්ම මෙන්න

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 සිට මිලියන 4 දක්වා වැඩි කිරීමට නම්, වහාම කළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන බජට් ගුවන්සේවා ප්‍රමාණය ඉහළ දැමීම බව මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කියා සිටී. පසුගියදා කොළඹ දී පැවති Colombo School of Business Management විසින් සංවිධානය කර න ලද Evening with a Corporate Leader හා එක්වෙමින් පෙරේරා මහතා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“තායිලන්තේ ගත්තොත්, සංචාරකයෝ මිලියන 26 ක් එනවා. මිලියන 12 ක් එන්නේ බජට් එයාර්ලයින්වලින්. මම තායිලන්තේ ටුවරිස්ට් බෝඩ් එකට කතා කරලා ඇහුවා, ඔයගොල්ලෝ ඇයි, බජට් එයාර්ලයින්ස් ප්‍රමෝට් කරන්නේ කියලා. ඒ ගොල්ලේ මෙහෙම කිව්වා.“

“මිස්ටර් පෙරේරා. අපිට ස්ටාර් ක්ලාස් හෝටේල්ස් තියෙන්නේ කිහිපයයි. අනිත් සියල්ල බජට් හොටේල්ස්. බජට් එයාර්ලයින් එකකින්, බජට් හොටේල් එකකට කේටර් කරනවා ඇරෙන්න, වෙන මොකක්ද මේකේ කරන්න පුළුවන්.“

“ඊට පස්සේ මම Booking.com ට කතා කරලා මට presentation එකක් කරන්න කිව්වා. මම ඒගොල්ලන්ගෙන් ඇහුවා ලංකාවේ හොටල් කීයක් තියෙනවාද? කාමර කීයක් තියෙනවාද? පැය 24 නවතින්න පුළුවන්, බාත්රූම් එකක් තියෙන කාමර 90,000 ක් ලංකාවේ තියෙනවා.“

“මේකේ තරු එකට වැඩි තරු පංතියේ කාමර තියෙනවා දහදාහක්. අනිත් අසූදාහම අර පොඩි, තරු පංතියේ නොවන හෝටල් කාමර. එතකොට අපි කරන්න හදන්නේ අනිත් ප්ලේන්වලින් ගෙනල්ලා, අර බජට් එකට පුරවන්න හදනවා. මේක කරන්න බැහැ. දැන් ආන්ඩුව මේක ගැන ධනාත්මක ලෙස බලාගෙන යනවා.“

ඇත්තටම මේ 2 Million tourism එක 4 Million කරන්න හරිම ලේසියි. බජට් එයාර්ලයින් දැම්මොත් තව 2 Million එකක් බජට් එයාර්ලයින්වලින් එයි කියලා මට හිතෙනවා.

මේ පිළිබඳව ධම්මික පෙරේරා මහතා කළ කතාව පහතින් නැරඹිය හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles