Saturday, April 20, 2024

රාජපක්ෂ රට යන්න අවුරුදු දෙකට කෝටි 230ක් ගිලළා

මහින්ද රාජපක්ෂ ජනපති සමයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදු වූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට අද (30දා) හෙළි කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මෙම හෙළිදරව් කළේය.

2012 හා 2014 කාලසීමාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවියගේ විදෙශ සංචාර සඳහා රුපියල් බිලියන 2.3ක් වැය වී ඇති බව අමාත්‍යාවරයා පෙන්වා දුන්නේය.

හිටපු ජනපතිගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂගේ ජපාන සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 20ක් ලබාදී ඇති බවත් ඔහු ගියේ කුමන පදනමකින්ද යන්න හෙළිව නොමැති බවත් අමාත්‍යවරයා කීවේය.

ලොස් ඇන්ජලීස් නුවර කොන්සන් ජනරාල්වරයෙකු නොමැති අවස්ථාවක් 2013 වසරේදී කුලියට නිවසක් මිලදී ගෙන එහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා රැඳී සිට ඇති බවත් අවුරුද්දකුත් මාස 9ක් ඔහු එම නිවසේ රැඳී සිට ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා හෙළි කළේය. ඒ සඳහා  වැය කර ඇති මුදල රුපියල් මිලියන 27ක් බවද පැවැසීය

හිටපු ජනපතිගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා සකසා ඇත්තේ එංගලන්තයේ ආයතනක් විසින් බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික මුදලක් වියදම් කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

මෙවැනි අක්‍රමිකතා සිදුවන විට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්යය ජී.එල්. පීරිස් මහතා අප්‍රිකාවේ සත්වෝද්‍යාන වල සංචාරය කර ඇති බවත් ඔහු පැවැසීය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles