Friday, April 19, 2024

සාක්කුවෙන් බෝම්බය එළියට අරන් බෑග් එකට දාද්දි පින් එක ගැලවිලා සීට් එක යටට වැටිලා – රටම උණුසුම් කළ දියතලාව පිපිරීම ගැන සියල්ල හෙළි වෙයි – Photos

දියතලාව, කහගොල්ල පැත්තෙදි මගී බස් රථයක් තුල බෝම්බයක් පුපුරා ගොස් තිබුණා.
පසුගිය 21 වැනිදා සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ හමුදා සෙබලා විසින් යාපනයේ සිට ගෙන ආ අත්බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.
මෙම සෙබලාගේ කලිසම් සාක්කුවේ සඟවාගෙන මෙම අත්බෝම්බ ගෙනැවිත් ඇති අතර එය සාක්කුවෙන් එළියට ගෙන බෑගයට දමද්දී අත්වැරදීමකින් මෙය පුපුරා ගොස් තිබෙනවා.
අදාල බෝම්බය සාක්කුවෙන් පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බවද වාර්තාවේ.
මේ සිද්ධිය බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් සඳහන්.
බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා..
මෙම සෙබලා විසින් අදාල බෝම්බය ඔහු සේවය කරන කඳවුරෙන් සොරාගෙන එන්නට ඇති බවට සැකපල කරන අතර ඔහු අසාධ්‍ය තත්ත්වය නිසා තවමත් මේ ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට තිබුණා.
ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා වනවා.
යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය පවසනවා.
පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles