Tuesday, April 16, 2024

‘හොර ලොතරැයි රට පුරා’ – සත්හඬ පෝස්ටර් ඉරයි

‘හොර ලොතරැයි රට පුරා : ඇදුණොත් හිරේ’ යන පාඨයෙන් යුතුව කොළඹ හා ජනාකීර්ණ ප්‍රදේශයන්හි අද උදැසන දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබු අතර වහාම ක්‍රියාත්මක වූ පිරිසක් විසින් වාහන යොදවා එම පෝස්ටර් ඉරාදමනු දක්නට ලැබිණ.

මුදල් අමාත්‍යංශයේ නියෝගයක් මත ලොතරැයි අලෙවි නියෝජිතයින් විසින් එසේ පෝස්ටර් ඉරා දැමුබව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී වාර්තාවූයේ ‘සත්හඬ’ පුවත්පතේ ප්‍රචාරක වැඩසටහනක් ලෙස මෙම පෝස්ටරය ප්‍රදර්ශනය කර තිබු බවයි.

‘හොර ලොතරැයි රට පුරා : ඇදුණොත් හිරේ’ යන ප්‍රධාන ශීර්ෂයෙන් යුතුව එම පුවත්පතේ මෙවර විමර්ශනාත්මක වාර්තාවක් පලවී ඇත.

ජයග්‍රාහකයා අත්අඩංගුවේ :

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට වෙළෙඳපොළට නිකුත් කරන ටිකට්පත් අතරට ව්‍යාජ ටිකට්පත් ඇතුළත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව එමගින් අනාවරණය කර ඇත.

අදාළ ටිකට්පත් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරම පිටුපස ටිකට්පත් මුද්‍රණ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති මුද්‍රණ සමාගම් සහ ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ද සිටින බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මෙහි ආසන්නතම සිදුවීම වනුයේ ඉකුත් මැයි මාසයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින ලද ‘නියත ජය’ ලොතරැයියේ පළමු ත්‍යාගය හිමි ටිකට්පත ව්‍යාජ එකක් බවට හඳුනාගෙන තිබීමයි.

‘නියත ජය’ ලොතරැයියේ 462 වාරයේ දිනුම් අදින ලද ජයග්‍රාහී අංක ඇතුළත් ටිකට්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ලැබීමෙන් පසුව අදාළ ටිකට්පත ලොතරැයි මණ්ඩලයට ඉදිරිපත් කළ ජයග්‍රාහකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

HoraLotharai1 600px 16 09 24

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles