Saturday, April 20, 2024

2018 වාර්තාව එළිදකී. ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් මෙන්න

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ක් හා ස්වාධීන බලප්‍රදේශ 6 ක් (Taiwan, Macao, Hong Kong, Kosovo, Palestinian Territory හා Vatican) පාදක කරගනිමින් සකස් කරන ලද Passport Index 2018 නවතම වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලගතු බව මෙමඟින් මනිනු ලබන අතර, යම් විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් පූර්ව වීසා ලබාගැනීමකින් තොරව යා හැකි රටවල් ගණන අනුව එය තීරණය වේ.

සුපුරුදු පරිදි මෙවරද පළමු ස්ථානය ජර්මනියට හිමිව ඇති අතර වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 161 කට ප්‍රවේශ වීමට තරම් ජර්මානු ගමන් බලපත්‍රය බලසම්පන්න වේ.

මෙම වර්ගීකරණයේ 88 වැනි තැන ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයට හිමිව ඇති අතර ඊට අනුව රටවල් 38 ක් වෙත පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළත් වීමේ අවස්ථාවේ හිමිවේ.

වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් මගින් එසේ ඇතුළත් විය හැකි රටවල් පහත පරිදි දක්වා තිබේ.

Bahamas
Barbados
Bolivia
Cambodia
Cape Verde
Comoros
Cote d’Ivoire (Ivory Coast)
Djibouti
Dominica
Ecuador
Gambia
Grenada
Guinea-Bissau
Haiti
India
Indonesia
Kenya
Lesotho
Madagascar
Maldives
Mauritania
Mauritius
Micronesia
Mozambique
Nepal
Palau
Rwanda
Saint Kitts and Nevis
Samoa
Senegal
Seychelles
Singapore
St. Vincent and the Grenadines
Timor-Leste
Togo
Tuvalu
Uganda
Vanuatu

සියලුම රටවල ශ්‍රේණිගත කිරීම් https://www.passportindex.org/byRank.php ඔස්සේ වැඩිදුරටත් කියවිය හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles