Friday, April 19, 2024

අගමැති මහින්දගේ 76 ජන්ම දිනය අදයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 76 වැනි ජන්ම දිනය අදට (18 දා) යෙදී තිබේ.
1945 වසරේ නොවැම්බර් මස 18වැනිදා  වීරකැටියේ හි උපත ලද පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා සහ වත්මන් අග්‍රාමාත්‍යවරයා අද දිනට සිය හැත්තෑ හයවන ජන්ම දිනය සමරයි. 

මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලනයේ සුවිශේෂී සලකුණක්. 2005 සිට 2015 වසර දක්වා මෙරට ජනාධිපතිධූරය දැරීම, 2004 වසරේ සහ 2019 වසරේ අග්‍රාමාත්‍යධූරයට පත්වීම ඒ අතරින් ප්‍රධානයි. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

1945 නොවැම්බර් 18 වැනිදා තංගල්ලේදී උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමඳව ලැබුණා.

1970 වසරෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු මේ දක්වා අඛණ්ඩව වසර 51 ක් එහි රැඳී සිටී.


2005 හා 2010 ජනාධිපතිවරණ ජයගැනීමට සමත්වූ ඔහු වඩාත් ආකර්ෂණීය නායකයෙකු බවට පත්වූයේ 30 වසරකට වැඩි කාලයක් පැවති යුද්ධය හමාර කරන්නට 2008-2009 කාලයේ යුද්ධය මෙහෙයවූ නිසාය.
අගමැති රාජපක්ෂගේ අනුහසින් ඔහුගේ පවුලේ අයද දේශපාලකයින් බවට පත්වූ අතර මේ වනවිට ලංකාවේ සංවිධානාත්මක ‘බල කණ්ඩායම‘ බවට රාජපක්ෂ පවුල පත්ව ඇත.


ගාල්ල රිච්මන්ඩ් කොළඹ නාලන්ද කොළඹ තර්ස්ටන් විද්‍යාලවල අධ්‍යාපනය හදාරා ඇති අගමැතිවරයා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල සහකාරවරයෙක් ලෙසින් සේවය කරද්දී 1967 වසරෙහිදී ඔහුගේ පියා ඩීඒ රාජපක්ෂගේ මරණයෙන් පසුව, බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් කටයුතු භාර ගත්තේය. සිරිමාවෝ මැතිණිය දන්දින්නා රාජපක්ෂ මැතිනිය අමතාකළ ආරාධනය අනුව මෙය සිදුවූ අතර වයස අවුරුදු 24 දී ළාබාලම මන්ත්‍රීවරයා ලෙසින් 1970 වසරෙහිදී තේරී පත් විය. 


පසුව මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදයක් ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්වීමේ වරම ඔහුට ලැබුණි. නීතිය හැදෑරූ ඔහු, 1977 නොවැම්බර් මාසයෙහිදී නීතිඥයෙකු ලෙසින්ද දිවුරුම් දුන්නේය. 

රාජපක්ෂ පරපුරට උරුම වූ කුරහන් සාටකයේ ආශිර්වාදයෙන් 25 වන වියේදී මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද 1970 වසරේ දී බෙලිඅත්ත ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,103ක්.

ඒ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16,477කට සීමා කරමිනි.

මහින්ද රාජපක්ෂ එලෙස තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කරන්නේ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින්.

දේශපාලන දිවි ගමනේදී සිය ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සම සිතින් විඳගත් මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලන සටන් බිමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

අඩ සියවසකට අධික සිය දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනාදුන් දේ බොහෝයි.

30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි.

එතැන් පටන් රටේ සංවර්ධන යුද්ධය ඇරඹු එතුමන් මෙරටට තවත් ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය මැද, සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් සිටිනවා.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට දෙවරක් ජනාධිපති ධුරය දැරූ අතර , අවස්ථා කිහිපයකදි අග්‍රාමාත්‍යධුරය හා විපක්ෂනායක ධුරයද හොබවා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කළා. 

2002 සහ 2018 යන වසරවලදී විපක්ෂ නායකවරයා ලෙසත්, 2005 සිට 2015 වසර දක්වාත්, 2019 සිට 2021 දක්වාත් මෙරට මුදල් අමාත්‍ය ධූරය හෙබවූයේ මහින්ද රාජපක්ෂ මහතායි. 

ඉකුත් මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතිහාසගත ජයක් ද වාර්තා කළා.

වර්තමාන අග්‍රාමාත්‍යධූරය දරණ මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ද වනවා.
 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles