Tuesday, April 23, 2024

අඩු ආදායම්ලාභීන්ට රනිල් කන්න දෙයි!

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුලු අඩු ආදායම්ලාභී පවුල් මිලියන දෙකක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැඟින් මාස දෙකක කාලයක් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකළ කැබිනට් පත්‍රිකාවකට අදාළවයි.

ඒ සඳහා සහල්  මෙට්ට්‍රික් ටොන් 40,000 ක් අවශ්‍ය වනවා. ඒ අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වී මෙට්ට්‍රික් ටොන් 61,000 ක් පමණ මිලදී ගතයුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ගේ සහයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ක්‍රියාවට නැංවීමට යෝජිතයි. 

එම වැඩසටහන සඳහා රුපියල් මිලියන 8,040 ක් වැයවනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. වෙළඳපොලේ මිල වෙනස්වීම් මත අවශ්‍යතාවක් පැනනැගීම ද සලකා රුපියල් මිලියන 10,000 ක පමණ අයවැය ප්‍රතිපාදන ඒ සඳහා භාවිත කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles