Thursday, April 25, 2024

අද කාලගුණය 18.11.2021

උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියාව පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල හෙට (19) උදෑසන තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කරනවා.

සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන්නන්ද අවදානයෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බවත්, මෙම අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර අද (18) දිනයේදී දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ඇතුළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles