Thursday, April 18, 2024

අද තිබෙන සියලු ප්‍රශ්න වලට හේතුව ජනපතිවරයාට දේශපාලන පළපුරුද්දක් නොමැතිකම – ගෝඨාභයට ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරන්න බෑ


කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කරමින් පවසා සිටියේ වත්මන් ආණ්ඩුවට පිස්සු හැදී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල කැරකී ඒමට පටන් ගැනීම නිසා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

එහිදී වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයා කිරීමේ සිට මේ දක්වා වූ කරුණු රැසක් ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් විවේචනයන්ද කරමිනි.

එහෙත් ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතාවයක් එල්ල නොවීම මෙන්ම ජනපතිවරයා වෙනුවෙන් පෙනී නොසිටීම විශේෂ කරුණකි.

ජේ.ආර්ට ,චන්ද්‍රිකා⁣ට,මහින්දට පිස්සා කිවිවද යනුවෙන් ප්‍රශ්න කළ ඔහු පැවසුවෙි තමා රටේ ජනතාවගෙන් වත්මන් පාලනය පිළිබඳ විමසූ විට “පිස්සෙක්නේ ඉන්නේ”යනුවෙන් ඔවුන් පිළිතුරු දුන් බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

නීතියෙන් ගැලවුණද දෙවියන් වහන්සේගෙන් හා විශ්වයෙන් බේරීමට කිසිවෙකුටත් නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කලේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී තමන් ඊට විරුද්ධ වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරියේදීද ජනපතිවරයෙක් පත් කරගත් විට ඔහුද මේ වගේ පිස්සෙක් වෙයිද දන්නෙ නැති බවට සහතික වන්නේ කෙසේදැයි යන්නත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

එහෙත් ඒ කිසිදු කරුණකට ආණ්ඩු පාර්ශවයෙන් ජනපතිවරයාගේ වරප්‍රසාද මුල්කර ගනිමින් විරෝධතා එල්ල වූයේ නැත.

ජනපතිවරයා සම්බන්ධයෙන් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළ කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසටවත් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් ආවේද නැත.

මීට පෙර පාර්ලිමේන්තුව තුළ ජනපතිවරයෙක් විවේචනය කළ විට ඊට විරෝධය දක්වමින් එම කොටස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ජනපතිවරයා නියෝජනය කරන පාර්ශව ඉල්ලා සිටියා.

වෙල්ගම මන්ත්‍රීවරයා තමන් නියෝජනය කරන විපක්ෂයද විවේචනය කිරීම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද සිටියේ වෙල්ගම මන්ත්‍රීවරයාට සහාය දක්වමිනි.

තමා එදා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය නොදෙන ලෙසත් එය ජ්‍යෙෂ්ඨත්වයට අනුව ඊළඟට සිටින දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ප්‍රකාශ කළේ “මම එහෙම කිව්වේ නැද්ද , කියන්න සර්” යයි සභාවේ සිටි දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර පරිපාලන අත්දැකීම් නැති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඔහු රටක් පාලනය කිරීමට නොදන්නා බවද මහින්ද රාජපක්‍ෂ මහතාට පැවසූ බවත් කියා සිටියේය.

අද තිබෙන සියලු ප්‍රශ්න වලට හේතුව ජනපතිවරයාට දේශපාලන පළපුරුද්දක් නොමැතිකම බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

හමුදාවේ යම් කොටසක් විතරක් පාලනය කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බවත් ඔහු ඇමරිකාවේ පරිගණක ක්‍රියාකාරැවෙකු ලෙස පමණක් කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව මෙන්ම යහපාලන ආණ්ඩුව ද වැරදි සිදුකර ඇති බව අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මේ ආණ්ඩු දෙකම වැරදි කළා. මෙතැන ඉන්නවා රෝහිත මගේ යාළුවා. ආණ්ඩුව පෙරළුනාම පළමුවෙනි විවාදයට ගියා මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරලා මාස තුනක් හැංඟුනා. මොකද එයා බයයි. අනේ කුමාර අයියේ ඔයාට පුළුවන් නම් ආණ්ඩුවට ගිහින් කැබිනට් ඇමතිකමක් අරන් මාවත් ගන්න කිව්වා. මං ඇහුවා මොකට ද බං ආණ්ඩුවට යන්නේ, පිස්සු ද උඹ බය නැතුව ඉන්න කිව්වා. මං ගෙදර රැවුල කපකප ඉද්දි පොලීසියෙන් 100ක් විතර ආවා. උසාවි නියෝගයක් තිබුණා මහින්ද මහත්තයාගේ වෙඩි වදින්නේ නැති කාර් දෙකක් මං වත්තේ හංගන් ඉන්නවා කියලා. මුළු වත්තම හැරුවා. මට නඩු දැම්මා මේ ඔක්කෝම මේ පැත්තෙන් දාපුවා තමයි. අත උස්සපු අය තමයි මෙතෙන ඉන්නේ. මම බොරු කියන්නේ නෑ. මට උසාවියේ නඩු දැම්මා. හැබැයි අපි බය වුණේ නෑ.අපි කවදාවත් සිරිසේන මහත්තයා ළඟට ගියෙත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගියෙත් නෑ. ඒවට මුහුණ දුන්නා. දැන් ඉන්න අය බයයි. දැන් ලොක්කෝ වගේ කෑ ගහනවා. අන්තිමට ගිහින් CID එකෙන් කටඋත්තර ගන්න ආවහම හැංගෙනවා. එහෙම වෙන්න එපා. අපි වගේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ඉගෙන ගන්න. අපි හැංගුනා නම් කළුතර මිනිස්සු මට කළුගංතොට සිංහයා කියන්නේ නෑ. එහෙනම් කියන්නේ ලොම් හැලුණ සිංහයා කියලා. මෙතෙන ඉන්න හුඟක් අයට මේ දේවල් සිද්ධ වුණා. ඒක හරි වැරදියි.”

”මං සමහර දාට උඩ යන ප්ලේන් ගණන් කරනවා. නින්ද යන්නේ නෑ. මොකද ඒ තරම් පෙෂර් එකක් අපිට යහපාලන ආණ්ඩුවෙන් දුන්නේ. මහින්ද මහත්තයත් ඒ පෙෂර් එකම දුන්නා. දරුවන්ටත් දුන්නා. ඒ නිසා මං කියන්නේ මේ වැරැද්ද ආය කරන්න එපා. අපිට යුතුකමක් තියෙනවා මෙච්චර කල් දේශපාලනය කරලා අපේ දරුවන් ගැන හිතන්න. අපේ දරුවන්ට හොඳ මාර්ගයක් හදලා දෙන්න අපි හොඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අපේ හකීම්ලා දෙමළ සන්ධානේ එකතු කරගෙන. අද රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. we are all srilankan අපි පිට මිනිස්සු නෙමෙයි. අපේ දරුවෝ ගැන දැන් බලන්න ඕනේ. අපි ජාතික ප්‍රතිපත්තියක් හදමු. මේ ඔක්කෝම එකතු කරගෙන.” ලෙස කුමාර වෙල්ගම මහතා කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles