Saturday, April 20, 2024

අද සහ හෙට පෝලිම්වල ඉන්න එපා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඊයේ (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ හේතුවෙන් අද (30) සහ හෙට (31) දෙදින තුළ ඩීසල් ලබාගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම්දෙයි.

එමෙන්ම පෙට්‍රල් පිළිබඳව කිසිඳු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබාගත හැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ අතර රජය විසින් ඉන්දීය ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් මිල දී ගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා

හෙට දිනයේ දී ඉන්දීය ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබීමට නියමිත ඩීසල් රැගත් ඉන්ධන නෞකාව පැමිණෙන තුරු අදාළ ඩීසල් මිල දී ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

අදාළ ඩීසල් තොගය විදුලි උත්පාදනය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ද ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඒ අනුව 077-7414241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙසත් ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles