Thursday, April 25, 2024

අද සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) නිකුත් කළා.

ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට අවසර හිමිව තිබෙනවා.

කෙසේ නමුත් විවාහ මංගල උත්සව සඳහා මත්පැන් ලබාදීම තහනම් කර තිබෙනවා.

සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව සීයයට 75ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තර​ඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත.

ශාලාවල පැවැත්වෙන පෞද්ගලික උත්සව සඳහා උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකි අතර නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිය හැකි සංඛ්‍යාව 10කට සිමා කර තිබෙනවා.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පමණක් උපකාරක පංති පැවැත්විය හැකි අතර, එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

ආගමික ස්ථානවල තනි තනිව ආගමික කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර විශේෂ උත්සව සහ යාඥා සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශවලට අනුව කටයුතු සිදු කළ යුතු ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සමිපූර්ණ මාර්ගෝපදේශ සංග්‍රහය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles