Tuesday, April 23, 2024

අද සිට වහාම ක්‍රියාත්මකවන පරිදි අකුරට වැඩ – විදුලි ඉංජිනේරු වෘත්තීය සංගමය පවසයි

අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.අද මාධ්‍ය හමුවකදි ඔවුන් කියා සිටියේ ඉල්ලීම් 6 ක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.

දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.

විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.

1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.

සාමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම..

ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

විදුලි ඉංජීනේරුවන්ගේ ඉල්ලීම් වේ.

දහවල් 12 සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ උදෑසන් 8.30 සිට සවස 4.15 දක්වා පමණයි.

නමුත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී පමණක් නියමිත රාජාකාරී කාලයෙන් පිටත සේවයෙන් වාර්තා කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

මේ වන විට කැබිනට් මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටු තාක්ෂිනික කමිටු ව්‍යාපෘති කම්ටු සාකච්ඡා සම්මුති කමිටු ටෙන්ඩර් විවෘත්ත කිරීමේ කමිටු ඇතුළු කටයුතුවලින්ද ඉවත් ඔවුන් ඉවත්වනබව පැවසී ය.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කාල සීමාව තුළ විදුලි බල මණ්ඩලවෙය් සභාපතිවරයාට සහයෝගය නොදැක්වීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවද විදුලි ඉංජිවෙන්රු සංගමය පවසයි.

ඔවුන් දැනුන් දෙන්නේ තම ඉලීලීම් සඳහා සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් දැනට ආරම්භ කරන පළවෙනි මට්ටමේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය දෙවන මට්ටම දක්වා ව්‍යාප්ත කරන බවයි.

එසේ කළ හොත් බිඳ වැටීම් හා හදිසි තත්ත්වයන්වලින්ද ඉවත් වීමට සිදු වන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

මෙි අතර දෙසැම්බර් 8 වන දින දිවයින පුරා සිටින සියලු විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, ආණ්ඩුව විසින් රාජ්‍ය දේපල විදෙස්රටවලට විකිණීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවය.

මේ සඳහා ඛනිජ තෙල් සහ වරාය සේවකයින් ද සහයෝගය ලබාදෙන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

“පසුගිය 3 වනදා ආයතන 3ක් තෙල්, වරාය, විදුලි, විරෝධාතා ව්‍යාපාරයක් කරලා ආණ්ඩුවට ඇනතුරු ඇඟවීමක් කළා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් වගේ වගක් නැහැ. ඉතින් අපි තීන්දුවක් ගත්තා. එළඹෙන දෙසැම්බර් 8 වනදා ලංකා විදුලබල මණ්ඩායේ සමස්ත සේවකයෝ පැය 24ක් ලෙඩවෙනවා. එක පැත්තකින් වරාය සේවකයා රොද බැඳගෙන කොටුව දුම්රියපොළ ඉදිරියට දහවල් 12ට එනවා. ලංකා විදුලිබල මණ්ඩලය එදාට ලෙඩ නිවාඩු වාර්තාකරලා දෙසැම්බර් 08 වනදා කොටුව දුම්රියපොළ ඉදිරියට එනවා. ඒ වාගේම තෙල් සංස්ථාවේ සේවකයෝ කොටුව දුම්රියපොළ ළඟට එනවා. දැවැන්ත උද්ඝෝෂණයක්. සේවකයින්ගේ විරෝධය, සේවකයින්ගේ වෛරය, සේවකයින්ගේ අප්‍රසාදය පළකරන සේවකයින්ගේ පෙත්සම අරගෙන අපි එනවා ජනාධිපති හමුවෙන්න. අපි මේක භාරදීලා කියනවා වරාය, විදුලිබලය, තෙල් රටේ ජනතාවගේ හෘද සාක්ෂිය විකුණන්න එපා කියලා අපි ආණ්ඩුවට බලකරලා කියනවා.” යනුවෙන් ඒ මහතා පැවසුවෙිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles