Saturday, April 20, 2024

අපි අරගලයේ ඉල්ලීම් වලට සහය දෙනවා… සජිත් වචනයක් දෙයි…!

අපි වැඩ කරන්නේ “අරගලය” ඉල්ලන ප්‍රතිසංස්කරණ සමග පමණයි. විපක්ෂ නායක සජිත් කියයි.

තමන් ද, සමගි ජන බලවේගය ද කටයුතු කරන්නේ මේ රටේ අරගල කරන ජනතාව ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ වලට සමගාමී සමගාමි වැඩ පිළිවෙලකට බවත් කිසිවිටකත් අරගලය පාවා නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගාලුමුවදොර ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සම්බන්ධ “සර්වපාක්ෂික අරගලකරුවෝ” හි නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායකතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අරගල භූමියේ ඉල්ලීම් පිළිබඳව තමන් සංවේදී බව පැවසූ විපක්ෂ නායකතුමා එකී ඉල්ලීම් කිසිම විටෙකත් පාවා නොදුන් බවද පැවසීය.

ජනාධිපතිවරයා නිශ්චිතවම ඉල්ලා අස්වීම සම්බන්ධව තමන් දරණ තීන්දුව තිරසාර බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන් ඔබ්බට දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, සංවරණ තුලන ක්‍රමවේදයක් හරහා ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලය ගොඩනැගීම යනාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් කෙරෙහි සමගි ජන බලවේගය නොවෙනස්ව පෙනී සිටින බවද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles