Saturday, April 20, 2024

අපි ආණ්ඩුව ඇතුලේ රූකඩ වගේ හැසිරෙන්න සූදානමක් නෑ – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොර දියේ මාළු බෑමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සේම රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට කිසිදු අවස්ථාවක බිය නොවෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දෙන්නෙ රට වෙනුවෙන්. ඒ සඳහා තීන්දු තීරණ ගන්න බය වෙන්නෙ නැහැ. විරෝධතා කරන විදිහ අපි හොඳට දන්නවා. අපි බොර දියේ මාළු බාන්නෙ නෑ. රට කඩාගෙන වැටෙන ආකාරයේ කිසිදු කටයුත්තක් අපි කරන්නෙ නැහැ. විරුද්ධ පක්ශයේ ඉන්න රූකඩ බලයට ගේන්න අපි කටයුතු කරන්නෙත් නැහැ. ඒ වගේම අපි ආණ්ඩුව ඇතුලේ රූකඩ වගේ හැසිරෙන්නෙත් නෑ. අපි ආණ්ඩුවේ වැරදිවලට විරුද්ධව පෙනී ඉන්නවා. සමහර මන්ත්‍රීවරු අපිට එක දේවල් කියයි ඒවා අපිට අදාල නෑ. ඒ අය තමයි මේ රටේ ගොඩක් ප්‍රශ්න ඇති කලේ ඒවගේම තමයි ඒ අයම තමයි මේ ආණ්ඩුව විනාශ කරන්නෙත්.

තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පැවසුවෙි ඇතැම් අමාත්‍යවරුගේ විවිධ ප්‍රකාශ ගුරුවරුන් පාරට බැස වර්ජනය ක්‍රියාමාර්ග සිදුකිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.

අද අනුරාධපුර ප්‍රදේශයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර අයවැය හරහා ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට යම් මට්ටමකට හෝ විසදුමක් ලබා දීම අගය කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles