Thursday, April 18, 2024

අමාත්‍ය මණ්ඩලය අස්වෙද්දී සජිත් රට බාර ගැනීමට සූදානමින්…

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම රජයට වගකීම් බාර දීමට  අමාත්‍ය මණ්ඩලය අදහස් කර සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ හමුවක් අද ‍(11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණු අතර එම සාකච්ඡාවට සහභාගී වූ සියලුම අමාත්‍යවරුන් ඉහත අදහස ප්‍රකාශ කර තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.

ඒ අතර පසුගිය ජනපතිවරණයෙන් ඡන්ද පනස්අටලක්ෂයක ප්‍රමාණයක් දිනා දෙවැනි ස්ථානයට පත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles