Thursday, April 25, 2024

අයවැයෙන් සහන නැති නිසා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සූදානම්න්

මෙවර අයවැය තුළින් රාජ්‍ය නිලධාරීන් නොසලකා හැරීමට විරෝධය පළකරමින් ලබන 29 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස පසුගිය 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.

  1. ජීවන වියදමට සාපෙක්ෂව රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප වැඩි කිරීම.
  2. රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීමේ වයස සහ අයිතිය උල්ලංඝනය නොකිරීම.
  3. රාජ්‍ය නිලධාරීන්ගේ භාෂණ අයිතීන් හට බලපෑම් නොකිරීම.
  4. රාජ්‍ය නිලධාරීන් රටට බරක් බව පවසමින් ඔවුන් අවමානයට පත් කිරීමට විරෝධතාවය දැක්වීමයි.

ඒ අනුව එම කාරණා මූලික කර ගනිමින්, ඉදිරියේදී අඛණ්ඩ වෘත්තිය ක්‍රියා මාර්ගයකට එක් වීමට කටයුතු කරන බවත්, ඉදිරියේදී මේ සදාහා අනෙකුත් ගාමක බලවේගයන් සමග සාකච්ඡා කොට, ඔවුන්ද මේ අරගලයට එකතු කර ගනිමින් රාජ්‍ය සේවයට සිදුවන අසාධාරණයන් සදහා නැගී සිටිමින්, කටයුතු කිරීම සිදු කරන්නට සූදානම් බව ඔවුන් දන්වා සිටී.

එම නිසා ලබන 28 වන දිනට පෙර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කළමණාකරණ සේවා නිලධාරී, කෘෂි පර්යේෂණ සහකාර නිලධාරී, කාර්යාල ක්ෂේත්‍ර නිලධාරී, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක යන නිලධාරීන් මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වනු ඇති බව ප්‍රදීප් බස්නායක මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles