Friday, March 29, 2024

අයහපත් මූල්‍ය තත්ත්වය නිසා ලංවිම සේවකයින්ට පඩිත් නැතිවෙන ලකුණු

අයහපත් මූල්‍ය තත්ත්වය ඉතාම උග්‍ර අතට හැරී ඇති බැවින් විදුලි බල මණ්ඩලයට ලබාදෙන මූල්‍ය පහසුකම් බැංකුවලින් අත්හිටුවා ඇති බව අනාවරණය වෙයි.

මෙම තත්ත්වය මත ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ මාර්තු මස වැටුප ගෙවනු ලැබුවේද ඉතා අපහසුතාවයෙන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඩී.සී.ආර්. අබේසේකර මණ්ඩලයේ සියලුම අංශ ප්‍රධානීන්ට පෙරේදා (29 වැනිදා) දැනුම් දී ඇත.

නැවත අප්‍රේල් මුල් සතිය ඇතුළත මාසික වැටුප් ගෙවීමට ඇති බැවින් ගෙවීම් කළමනාකරණයක් සිදුකරන ලෙස සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබේ. මේ අතර වැටුප් ගෙවීමට අමතරව ඉදිරි සති කිහිපයේ ගල් අඟුරු සඳහාද රුපියල් බිලියන 32ක මුදලක් ගෙවීමට ඇත. මේ නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ එක් අංශයකට ඊයේ (30 වැනිදා) සිට දිනකට රුපියල් මිලියන පහළොවක උපරිමයක් සඳහා චෙක්පත් නිකුත් කළ යුතු වෙයි. විදුලි පාරි​භෝගිකයන්ගෙන් රුපියල් බිලියන 38ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට අය විය යුතුව තිබේ. අවම වශයෙන් ඒ මුදලින් අඩක් හෝ අය කර ගැනීමට පියවර ගන්නා ලෙසද සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබේ.

මේ ආකාරයට ගෙවීම් හා වියදම් කළමනාකරණය කර ගත හැකි කරුණු දහසයක්ද සාමාන්‍යාධිකාරිවරයා අංශ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles