Monday, July 4, 2022

අවසාන ඩීසල් නැව එද්දී, පොහොර ටික ගැන සහතිකය ලැබෙයි…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන ඊයේ (10) ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය මාර්ගයක් ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. 

යල වගා කන්නයේ ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක ඩොලර්  ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.

ගිවිසුම අත්සන් කිරීම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ සහ කෳෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද එක්ව සිටියා.

රට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍යවරයා මීට පෙර පෙන්වා දුන්නා.

මෙම ණය පහසුකම ඉදිරි යල කන්නය සඳහා යූරියා ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇති.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව ලබන 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද ප්‍රකාශ කළා.

ඉන්ධන අර්බුදය නිසා සඳුදා දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles