Thursday, April 25, 2024

අවුරුදු සුබපැතුම්!

2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය සුබ පැතුම් පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අපි දැනටමත් අයහපත් කාලය පසුකර ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

නිදහස ලබා 2023ට වසර 75ක් සපිරෙන නමුත් නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට, අප මෙතෙක් සමත් වී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම හරහා පෙන්වා දෙයි.

එම නිසා රටේ බහුතර තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටීන බවත්, එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි බවත් ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවඩයේ සඳහන් වේ.

ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද නව වසරට සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා පවසයි.

මේ අතර නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ, සකලවිධ අභියෝග රැසක් අභිමුව වඩාත් යහපත් රටක් ගොඩ නැගීමට කැප වී කටයුතු කළයුතු බවයි.

ආහාර සුරක්ෂිතතාවය හා ග්‍රාමීය ආර්ථික පුනර්ජිවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින්, අනෙක් සෑම අංශයක් සඳහා වූ සංවර්ධනාත්මක ව්‍යායාමයන් තුළ සක්‍රීය ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ  සුබ පණිඩිවයේ සඳහන් වේ.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිඩිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ, රටේ පාලනයේ පවත්නා විකෘති තත්ත්වය, ප්‍රකෘතියක් බවට පත් කිරීමේ ප්‍රමුඛ පියවර මේ වසර තුළ තැබිය යුතුයැයි තරයේ විශ්වාස කරන බවයි.

තවදුරටත් මෙරට ජනතාවට අසාර්ථක පාලනයක පීඩාව අත්විඳිය නොහැකි බවත්, රට අලුත් මාවතකට ගෙන යා හැකි සහ ගෙන යා යුතු වැඩපිළිවෙළක් පිළිබඳව අලුතින් සිතා බැලිය යුතු බවත්, සිය සුබ පැතුම් පණිවිඩයෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ රටක ගාමක බලය වන්නේ, ජනතා පරමාධිපත්‍යය බව නැවත වතාවක් සිහිපත් කරමින් සමස්ථ ශ්‍රී ලාංකේය පුරවැසියන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles