Saturday, April 20, 2024

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය
ඉන්දියාවේ “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලබයි

අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු, ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළ ම සිවිල් සම්මානයක් වන “පද්ම ශ්‍රී සම්මානය” පිරිනැමිණි.
ඒ ශ්‍රී ලංකා නර්තන කලාවට ඇය කළ සේවයත් එය ජාත්‍යාන්තරයට ගෙන යාම වෙනුවෙන් කළ කැපවීමත් අගය කිරීම සඳහා ය.


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා අරලියහහ මන්දිරයේ දී අද (17) දින මෙම සම්මානය ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ප්‍රදානය කළේය.

ඉන්දීය ජනරජ දිනයේ දී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළ ම සිවිල් ගෞරව සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාන මෙවර ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට අමතරව හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකොට නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙත ද පිරිනැමිණි.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපතිභවන් හිදී 2021 නොවැම්බර් 08 වෙනිදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය “පද්ම ශ්‍රී සම්මානය” ලබා ගත්තාය. හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා ද 2002 වසරේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතින කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ඉන්දියානු මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ්, සහ ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිගේ පවුලේ සාමාජිකයෝ ද එකතු වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles