Friday, March 29, 2024

ආණ්ඩුවෙි ඉන්ධන ආනයන ගනුදෙනුවක් ගැන හරීන්ගෙන් අනාවරණයක් !

ඩුබායි හී සිට දීර්ඝ කාලීනව මෙරටට ඉන්ධන ආනයනය කරවීමට අදාළව ඉදිරිපත් කර ඇතැයි කියන කැබිනට් පත්‍රිකාව ආණ්ඩුවේ වංචාසහගත ගනුදෙනුවක් බව සමගි ජනබලවේගය අවධාරණය කරනවා.

අදාළ ඉන්ධන සැපයුම් ආයතයෙන් ඉන්ධන ලබා ගැනීමේදී සියයට 50 ක් ඩොලර්වලින් සහ අනෙක් සියයට 50 රුපියල්වලින් ගෙවීමට අනුමැතිය දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණය කළේ.

ජනතාව පීඩාවට පත්ව ඇති මෙවැනි අවස්ථාවක පවා ආණ්ඩුවේ උත්සහය එයින් මුදල් උපයා ගැනීම බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා.

හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළකලේ අද හපුතලේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ඉදිරියේදී විදුලිබිල සියයට 500 කින් ඉහළ දැමීමේ සූදානමක් පවතින බවට පළව ඇති වාර්තා පිළිබදවද හරීන් ප්‍රනාන්දු මහතා කරුණු අනාවරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles