Tuesday, April 23, 2024

ආණ්ඩුවේ දේශප්‍රේමය කෝ ? බාල පොහොර ගේන විදෙස් සමාගමකට යටවෙලා

රටක ස්වෛරීත්වය සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ දීමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

මෙම හිතුවක්කාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව සමගි ජන බලවේගය පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

පොහොර නැව පිළිබඳව නිර්දේශ නිකුත් කළ ශාක නිරෝධායන ඒකකයේ නිර්දේශ සියල්ල පසෙකට කොට ප්‍රමිතියකින් තොර බාල පොහොර ශ්‍රී ලංකාවට ගෙන එන්නට ඇති ආණ්ඩුවට ඇති අවශ්‍යතාවය කුමක්දැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා.

පසුගිය සමයේ පැවති දේශානුරාගය දේශප්‍රේමය ස්වෛරිත්වය යන සියල්ල මේ වන විට අහෝසි වී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

බහුජාතික සමාගමක් රටේ ස්වෛරීත්වය ඔවුන් අතට ගෙන කටයුතු කරමින් සිටින බවටයි ඔහු චෝදනා කළේ.

සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහනට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles