Friday, April 26, 2024

ආණ්ඩුව නිවටයි සිතන්න එපා – අපට විකල්ප තියෙනවා

ගුරු වෘත්තිය සමිති විසින් සිදුකරමින් සිටින කඩාකප්පල්කාරී ක්‍රියා වලට සාධනීය ලෙස කටයුතු කරන කරන නිසා ආණ්ඩුව නිවට ලෙස නොසිතන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටී.

එසේ සිතා කටයුතු කරන්නේ නම් ඊට සුදුසු විකල්ප විසඳුම් වලට යා හැකි බවද පැවසූ ඔහු ආණ්ඩුව එවන් තත්ත්වයකට පත් නොකරන්නැයි වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටින බවද පැවසීය.

වැටුප් විෂමතා ගැටළු මුල්කරගනිමින් ගුරුවරුන් අතර පාසැල් තුළ ගැටලු ඇති කරන්නේ වෘත්තීය සමිති නායකයන් තුන් හතර දෙනෙකු පමණක් බවත් ඔවුන්ගේ උගුල්වලට හසු නොවී කටයුතු කරන්නැයි සමස්ත ගුරු ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින බවද ඇමතිවරයා සදහන් කලේය.

ඒ මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

තමන් ගුරුවරුන් පිළිබඳව මීට පෙර දැක් වූ අදහස් නිසා දෝෂාරෝපණ එල්ල වූ බවද පැවසූ ඔහු කොතරම් අපවාද එල්ල කළද එදා ප්‍රකාශ කළ ස්ථාවරය ම තමන් තවදුරටත් සිටින බවද කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles