Saturday, April 20, 2024

ආණ්ඩුව පළවාහරින්න සජිත්ගෙන් රටපුරා උද්ඝෝෂණ 300 ක්

කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකින් පසු ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කර ඇති බවත් එවන් උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවන බවත් සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රටට අගයක් එකතු කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදු කොට ඇති බවත් ඒ මහතා පවසයි.

අද තරුණ පරපුරේ අපේක්ෂා භංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුළින් ඒ බව පෙනෙන්නට තිබෙන බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාව කොළඹදී අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles