Saturday, April 20, 2024

ආශු CID යයි! චෝදනාව බොරුවක්…

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේෂක ධුරයෙන් හදිසියේ ඉල්ලා අස් වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඊයේ (24) නීතිඥවරයෙකු සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඒ, තමන්ට එරෙහිව විකෘති කරන ලද වීඩියෝ දර්ශන යොදා ගනිමින් අසත්‍ය තෙරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි.

මේ අතර පරිසර සංවිධාන, සත්ත්ව අයිතිවාසිකම් සුරකින ක්‍රියාකාරීන් අතුළු පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

අද දහවල් නීතිඥවරයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය කළ විමසීමට දුන් පිළිතුර වූයේ

හිටපු ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා,

මෙම අසත්‍ය කාරණය නීතිය ඉදිරියේ තියන ප්‍රශ්නයක්, නීතිඥතුමා සියලු කාරණා විස්තර කරයි මම ඒ ගැන කතා කරන්නේ නැහැ නීතිඥතුමා සියල්ල විස්තර කරයි.

නීතිඥ ප්‍රවී කරුණාරත්න මහතා,

මාගේ සේවාදායකයා වන ආචාර්ය අශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත් පිළිකුල් සහගත ලෙස ජුගුප්සාජනක අසත්‍ය සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාල තුළ සංසරණය වනවා. ඡයා රූප කිහිපයක් කරුණු විකෘති වෙන විදියේ ඡායා රූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. ඒ සම්බන්ධව මේ සිය කරුණු සිදුවීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මගේ සේවාදායකයා විසින් පැමිණිල්ලක් ඉදිරිත් කර තිබුණා. මේ පැවති තර්ජනය සම්බන්ධයෙන්. විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඔ්න මෙම මගේ සේවාදායකයා හා එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරණ සමාගමක ඇති වන ආරවුලක් සහ ඒ සමාගමේ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවා දායකයාගෙන් ඉල්ලා තිබෙන පසුබිමකයි මෙම කරුණු සිදු වෙන්නේ දැන් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  ප්‍රකාශයක් අද දින මගේ සේවාදායකයා විසින් ලබා දුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles