Thursday, April 18, 2024

ඇමති ප්‍රියංකර ඇමති ධුරය අතහැරීමට සූදානම්.. නෝනත් දැන් සැපද කියා අසයි

නිවසේ ගෑස් නොමැතිකම හේතුවෙන් තමන්ගේ බිරිය ද තමාගෙන් දැන් සැපද කියා අසන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න පවසයි.

ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග විවේචනය කරමින් ඔහු එබව සඳහන් කළේ පුත්තලමේ ඊයේ මහජන හමුවකදීය.

මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටිය දී රැස්වීම අමතමින් යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හා බඩු මිල ඉහලයාම් හාස්‍යයෙන් යුතුව විවේචනය කලේ ‘ආ දැන් සැපද ? කියාය. මේවනවිට එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්වෙමින් ඇති අතර ප්‍රියංකර ජයරත්න ඇමතිවරයා පවසන පරිදි ඇමතිවරුන්ගේ බිරින්දෑ වරුන්ගේ ද විහිලුවට ලක්ව ඇත.

පුත්තලමේ රැස්වීම අමතමින් ප්‍රියංකර ජයරත්න ඇමතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.

”පොහොර ප්‍රශ්නය තියෙනවා, අපේ නෝනත් අහනවා මගෙන් දැන් සැපද කියලා ගෑස් නෑ කියලා. මගෙන් අහනවා සැපද කියලා මාත් කියනවා දැන් සැපයි කියලා. අපේ ගෙදර තියෙන ප්‍රශ්නය මට ඇමතිවරයෙක් හැටියට ගෑස් එකක් ගන්න බැරි නම් ඔබ කොහොමද ගෑස් ගන්නේ.

වැවක් හදන ලක්ෂ 15 නැත්නම් වැවක් හදන්න බෑ. චමල් රාජපක්ෂ ඇමතිතුමාට කිවුවා ගිහිල්ලා අරුන්දිකයි, මමයි, චින්තක මායදුන්නයි, අසන්ක ප්‍රියන්තයි. වැවක් ඕනෙම නම් ලක්ෂ 15ක් දෙන්න ඕනේ. නායකයාට.මොකක්ද මේකද දේශපාලනය. ඔබ දුන්නේ ලක්ෂ 15ක වැවක් හදන්නද. ලක්ෂ 15 දුන්නෙ නැත්නම් වැව හැදෙන්නේ නෑ.

අපි සන්තෝෂයි. අපට හෙණ ගහන්නෙ නෑ ඒක මතක් කරන්න ඕනේ. මොකද අපි අනුන්ගේ සල්ලි වලින් යැපෙන්නේ නෑ. අපට පක්ෂය සලකන්නෙ නැත්නම් අපි කොහොමද මිනිසුන්ට සලකන්නෙ, අපට තියන තියෙන්න ප්‍රශ්නේ එක..” ලෙස රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

තම දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට ඉඩක් ලබා නොදෙන්නේ නම් ඕනෑම අවස්ථාවක තනතුරක් අතහැරීමට සූදානම් බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කරයි.

නායකයන් මේ සඳහා තීන්දුවක් නොගන්නේ නම් තනතුරු භාර දී නිවසට වී සිටින බවද පැවැසූ ඔහු ඊළඟ මැතිවරණය කුමක් වන්නේදැයි බලාගමු යැයිද පැවසීය.

තමන් මේ බව දන්වමින් නායකයන්ට ලියුම් දෙකක් ලියූ බවත් තවමත් ඒකට ප්‍රතිචාර නැති බවත් ඒ මහතා පැවසුවේය.

ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles