Friday, March 29, 2024

ඇෆ්ගනිස්තානයට වාර්තාගත ජයක්

අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස ස්කොට්ලන්තයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (25දා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයකින් ලකුණු 130ක වාර්තාගත ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

ඇෆ්ගනිස්තානයෙන් හිමි වූ ලකුණු 191ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්තය මුජිබුර් රහ්මන්ගේ සහ රෂීඩ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 10.2ක් අවසන් වනවිට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 60ක් පමණි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලදී පන්දු යවන්නකු දැක්වූ හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වූ මුජිබුර් රහ්මන්, සිය ඕවර 04 තුළදී ලකුණු 20කට කඩුලු 05ක් බිඳහෙළීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 190ක් රැස්කළේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද එයයි.

  • ස්කොට්ලන්තය පරාජය කර ඇෆ්ගනිස්තානය ලැබූ ලකුණු 130ක ජය සැලකෙන්නේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම විස්සයි20 තරග ජයග්‍රහණය ලෙසිනි.
  • විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ලකුණු පරතරය අනුව වාර්තා වූ තෙවැනි හොඳම ජයග්‍රහණය මෙය වන අතර, එහි හොඳම දක්‍ෂතාව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කෙන්යාවට එරෙහිව ලකුණු 172ක ජයක් ලැබීමයි.
  • මෙම ජයත් සමඟ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයෙන් තරග කරන ඇෆ්ගනිස්තානයට +6.500ක දළ ලකුණු වේගයක් සහිතව සිය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවිය.
  • ස්කොට්ලන්තය ලකුණු 60කට දැවීයාම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්හි කණ්ඩායමක් දැවීගිය 05 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලකුණු 39 වන අතර, එය 2014 වසරේදී ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය දැවී යාමයි.
  • ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මුජීබ් උර් රහ්මාන් පන්දුවාර 04 තුළදී ලකුණු 20කට කඩුලු 05ක් දවාගත් අතර, මෙය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්හි පන්දු යවන්නෙකු දැක්වූ 05 වැනි හොඳම පන්දු යැවීමයි. අජන්ත මෙන්ඩිස් 2012 වසරේදී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 08කට කඩුලු 06ක දවාලීම එහි හොඳම පන්දු යැවීමයි.
  • ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 190/4ක් රැස්කිරීම මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා කණ්ඩායමක් වාර්තාකළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියක ඇෆ්ගනිස්තානය වාර්තාකළ වැඩිම ලකුණු සංඛ්‍යාවද එයයි.

ඇෆ්නිස්තානය 190/4 (ඕවර 20)

හස්රතුල්ලා සසායි 44, මොහොමඩ් ශේෂාඩ් 22, රාහ්මතුල්ලා ගුර්බාස් 46, නජිබුල්ලා සද්රාන් 59, මොහොමඩ් නබී නොදැවී 11, ශෆ්යාන් ශරීෆ් 33/2

ස්කොට්ලන්තය 60/10 (ඕවර 10.2)

ජෝජ් මුන්සේ 25, ක්‍රිස් ග්‍රේව්ස් 12, මුජිබුර් රහමන් 20/5, රෂීඩ් ඛාන් 09/4

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles