Friday, March 29, 2024

ඉඩම් කොමිසමේ ලිපිගොනු 200 ක් අස්ථාන ගත වී ඇතැයි කෝප් කමිටුවෙන් තොරතුරු අනාවරණයක් !

ඉඩම් කොමිෂන් සභාවේ වටිනා  ඉඩම් පිළිබඳ ලිපිගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.

මෙසේ අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ පසුගිය කාලයේදී  රජයට පවරා ගනු ලැබූ ඉඩම්වලට අදාල  ලිපිගොනු දෙසීයක්ය.

මේ සම්බන්ධයෙන් වහාම සොයාබැලීමක් කරන ලෙස  කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිතය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය 17වැනිදා රැස් විය . මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ඒ රැස්වීමේදීය.

ජනතාවගෙන් පවරාගත් ඉඩම් වඩාත් ඵලදායිව යොදා ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන් අතට පත්වීම බරපතළ  ගැටලුවක් බැවින් මෙම තත්වය වහාම  නිවැරදි  කිරීම අතිශයින්ම  වැදගත් බව කමිටුවමෙහිදී  අවධාරණය කළේය.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කර ඇති බවද මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles