Friday, April 19, 2024

ඉන්දියාවට රට පාවදීලා ලංකාවේ අහසත් ඉන්දියාවට විකුණලා

මෙරට පවතින වත්මන් තත්වයට වගකිවයුතු නිලධාරින් ගැන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මෙරට පවතින ආණ්ඩුවට චෝදනා එල්ල කළේය.

ඉන්දියාවට රට පාවාදීම ගැනද හෙළිකළ මන්ත්‍රීවරයා ලංකාවේ අහසත් ඉන්දියාවට විකුණා අවසන් බව පවසා සිටියා.

එරට ෆෝචුට් ජෙනරල් නැමැති අරාබි සමාගමකින් තෙල් ගෙන ඒමට ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් යොමු කොට ඇති බව, එම සමාගමට වෙබ් අඩවියක් හෝ නොමැති බවත්, සේවකයන් 4 දෙනකු පමණක් එම සමාගමේ සේවය කරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

සුදු සල්ලි කළු කිරීමක් කළු සල්ලි සුදු කිරිමක් ගැනද ඔහු සදහන් කළේය.

ඩොලර්වලින් 50%කුත්, රුපියල්වලින් 50%කුත් ගෙවිය යුතු බවත්, මෙය අමුම අමු දූෂිත ගනුදෙනුවක් බවත් ඒ මහතා සදහන් කළේය.මෙච්චර මිනිස්සු දුක් විදිද්දී වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් නීච අයුරින් ධනය උපයන බවද හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles