Thursday, April 25, 2024

ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගනී

ඉන්දියාවේ IOC සමාගම සහ හින්දුස්තාන් පෙට්‍රෝලියම් සමාගම රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවී තිබෙනවා.

එම රුසියානු තෙල් ඉන්දියාවේ වෙරළටම ගෙනැවිත් දීමටත් ඉන්දීය රුපියල්වලට තෙල් ලබාදීමටත් රුසියාව එකඟ වී ඇත.

ඒ අනුව බොරතෙල් බැරල් මිලියන 03ක් ලබා ගැනීමට නියමිතයි.

එය ඉන්දියානු හා රුසියානු සමගම් අතර ගනුදෙනුවක් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු බලශක්ති ක්ෂේත්‍රයට බටහිර රටවල් විසින් සම්බාධක පනවනු ලැබුවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ බටහිර සම්බාධක පැවතුන ද ඉන්දියානු සමාගම්වලට රුසියාවෙන් තෙල් ලබා ගැනීමට බාධාවක් නොමැති බවයි.

බටහිර සහ යුරෝපා රටවල් රුසියානු අර්බුදය හමුවේ රුසියාවට ආර්ථික සම්බාධක පනවා ඇති හෙයින් රුසියාව විසින් ඉන්දියාව වැනි විශාල ආනයනකරුවන් සමග සහන මිලට තෙල් සහ අනෙකුත් රුසියානු නිෂ්පාදන වෙළඳපලට වෙළඳපොලට නිකුත් කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලොව විශාලතම ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදකයකු වන රුසියාව යුක්‍රේනයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම සහ යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් රුසියාවෙන් බහුල ලෙස ඛනිජ තෙල් සහ ගෑස් ආනයනය කළ යුරෝපා රටවල් බොහොමයක් එම ආනයන නවතා දැමුවා.

මීට අමතරව එංගලන්තයේ සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් බොහොමයක් ද රුසියාවට එරෙහිව විවිධ ආර්ථික සම්බාධක පනවා තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වන ඉන්දියාව මේ අවස්ථාවේ රුසියාව සමග ඛනිජ තෙල් ඇතුළු අනෙකුත් රුසියානු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ගිවිසුම්වලට ගිවිසුම්වලට එළඹෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනක ශ්‍රී ලංකාව ද රුසියානු තානාපතිවරයාගෙන් අප රටට අවශ්‍ය ඛනිජ තෙල් සහ බොරතෙල් ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් රුසියාවේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැහැ.

මෙි අතරම මේ වන වන විට බටහිර ආර්ථික සම්බාධකවලට මැදිව සිටින රුසියාව තම රටේ තෙල් හා ගෑස් අංශයේ ආයෝජන පුළුල් කරන්නැයි ඉන්දියාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

රොයිටර් වාර්තාවක දැක්වෙන්නේ රුසියානු තෙල් සහ ගෑස් අංශයට ඉන්දියානු ආයෝජන තවදුරටත් ආකර්ෂණය කර ගැනීමටත් රුසියානු සමාගම්වල විකුණුම් ජාලයන් ඉන්දියාවේ පුළුල් කිරීමටත් සූදානම් බව රුසියාවේ නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍ය හර්දීප් සිං පූරිට දැනුම් දී ඇති බවයි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම පදනම් කරගෙන බටහිර රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවනු ලැබූ අතර මේ හේතුවෙන් රුසියාව මේ වන විට 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු මුහුණ දෙන ගැඹුරුම ආර්ථික අර්බුදයට මැදිවී සිටියි.

ලොව දෙවන විශාලතම බලශක්ති අපනයනකරු වන රුසියාවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ තවදුරටත් සීමා කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් ජනපදය රුසියාවෙන් තෙල් ආනයනය තහනම් කළ අතර වසර අවසානය වන විට එය ක්‍රමානුකූලව අඩු කරන බව බ්‍රිතාන්‍යය ද පවසා තිබේ.

සිය බොරතෙල් ලාබදායී අන්දමින් ලබාදීමට සූදානම් බව රුසියාව ප්‍රකාශ කලේ එවන් මොහොතකයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles