Saturday, April 20, 2024

ඉන්ධන බෙදා හැරීම් ලොකුගේ සමිබන්ධයෙන් බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

මේ වනවිට කොළඹ නගරයේ ඉන්ධන පෝලිම් අවසන්වෙමින් තිබෙන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. පසුගිය දින කිහිපය තුළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු විධිමත්ව සිදු නොවූ බැවින් පෝලිම් ඇතිවූ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් හා පෙට්‍රල් තොග තිබෙන බැවින් තවදුරටත් ජනතාව පෝලිමේ තැබීමට කටයුතු නොකරන බවද ඇමතිවරයා පවසනවා.

කොළඹ නගරයේ සියලුම ඉන්ධන හල් වෙත ඩීසල් හා ප්‍රෙටල් තොග ලබාදීම ආරම්භ කර ඇති බවත්, දහවල් වනවිටත් සැළකිය යුතු ඉන්ධන හල් ප්‍රමාණයක් වෙත ඉන්ධන තොග නිකුත් කර ඇති බවත් ලොකුගේ මහතා සඳහන් කරනවා.

මේ වනවිට තවත් ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවා ඇති අතර එම නෞකාවේ ඩීසල් තොග හෙට දිනයේදී ගොඩබෑම සිදුවන බවද ඔහු ප්‍රකාශ කරයි.

ඇමතිවරයා එසේ පැවසුවද අද දහවල් වනවිටත් කොළඹ නගරයේ බොහෝ ඉන්ධන හල් ආශ්‍රිතව ඉතා දිගු පෝලිම් දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles