Friday, April 19, 2024

උගන්ඩාවේ පිහිටි එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළත් චීනයට සින්න වෙයි

උගන්ඩාවේ ‘කම්පාලා’ අගනුවර පිහිටි එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්’ (EXIM) බැංකුවට අත්පත් කරගැනීමට හැකිව තිබේ.

මෙි බව ඉන්දීය අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙවැන්නක් සිදුව ඇත්තේ 2015 නොවැම්බර් මස උගන්ඩා රජය එම බැංකුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 207 ක ණයක් ගෙවාදැමීමට නොහැකිවීම නිසාය.ඒ ගුවන්තොටුපොළ පුළුල් කරමින් සංවර්ධනය කිරීමට. ලබා ගත් එම ණය ගෙවා දැමීට උගන්ඩා රජයට නොහැකි වූ බැවින්, එය බැංකුවට සින්න වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. එන්ටැබේ ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා උගන්ඩාවේ යොවේරි මුසවේනි ජනාධිපතිගේ ආණ්ඩුව විසින් වසර 07 ක සහන කාලයක් සහ වසර 20 කින් ගෙවා අවසන් කිරීමේ කොන්දේසිය මත මේ ණය මුදල ලබාගෙන ඇත. නමුත් මේ වනවිටත් රාජ්‍ය පාලනයේ දුර්වලතා හේතුවෙන් උගන්ඩා ආර්ථික ඇද වැටී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මේ ණය මුදල ගෙවාදැමීය නොහැකි තත්වයක් ඇතිව තිබේ. ඒ අතරතුර උගන්ඩාව දරුණු ලෙස ආර්ථික ඇද වැටීමකට ලක්විය.

මුසවේනි පාලනයේ නියෝජිත පිරිසක් චීන රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් මේ ණය කොන්දේසි සංශෝධනය කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත. එසේම චීන ‘EXIM’ බැංකුව මේ ණය කොන්දේසි වෙනස් කිරීමට එකඟ නොවන නිසා එන්ටැබිබේ ගුවන්තොටුපළ සහ එහි සියළු දේපොළ චීන බැංකුවට පවරා ගැනීමට හැකිව තිබේ.

මේ ආකාරයට විවිධ රාජ්‍යයන් ණය බරකට ඇද දැමීම තත්වය සම්බන්ධයෙන් මින් පෙර චීකයට විවචෙන එල්ල විය. විශේෂයෙන් ලෝකයේ ආර්ථික සම්පත් කොල්ල කෑමේදී චීනය සමග තරග කරන එක්සත් ජනපදය විසින් පසුගිය කාලයේ චෝදනා නගන ලද්දේ ‘ලංකාව’ වැනි රාජ්‍යයන්ට ණය දෙමින් ණය උගුලක හසුකර ගැනීමට චීනය කටයුතු කරන බවයි.

2020 මහ බැංකු වාර්තාවට අනුව චීනයේ EXIM බැංකුවෙන් ලංකාවේ මහින්ද රාජපක්ෂ පාලනයේ සිට වත්මන් ගෝඨාභය පාලනය දක්වා ගත් ණය පියවීමට ඇති වටිනාකම රුපියල් මිලියන 528,423 කි.

1976 වසරේ පලස්තීන විමුක්තිකාමී සටන්කාමීන් කණ්ඩායමක්, ටෙල් අවීව් සිට පැරිස් නුවර බලා පියාසර කරන්න වූ ප්‍රංශ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පැහැර ගත්තේය. ඒ, මගීන් 248 දෙනකු සමඟය. පැහැරගත් යානය ඇතන්ස්, බෙන්ගාසි හරහා ගොස් ගොඩබෑම සිදුවූයේ එන්ටැබේ ගුවන්තොටුපොළටය.

ඊශ්‍රායල හමුදාව ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට වික්‍රමාන්විත මෙහෙයුමක් සිදු කළේය. ‘ඔපරේෂන් තන්ඩර්බෝල්ට්’ යනු එම මෙහෙයුම හැඳින්වෙන නාමයයි. කම්පාලා නුවර එන්ටැබේ ගුවන්තොටුපොළ ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ද ‘තන්ඩර්බෝල්ට්’ මෙහෙයුම නිසාය.

කෙසේ වෙතත් අප්‍රිකානු රටේ සිවිල් ගුවන් සේවා නියාමකයා සහ බීජිං අධිකාරිය යන දෙකම මෙම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙන බවයි කියන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles