Saturday, April 20, 2024

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳව උප ලේකම් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සංචාරයක

වික්ටෝරියා නූලෑන්ඩ් ‘ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සංචාරයක
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලෑන්ඩ් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අද 19 ආරම්භ කළේය.

වික්ටෝරියා නූලෑන්ඩ් මහත්මිය සහ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව,බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල මාර්තු 19-23 දක්වා සංචාරය කිරීමට නියමිතව ඇත.

තම නිල සංචාරයේදී උප ලේකම් නුලන්ඩ් සහ දූත පිරිස ආර්ථික හවුල්කාරිත්වය සහ අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව,බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ව්‍යාපාරික නායකයින් හමුවීමට නියමිතය.

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු සහ රාජ්‍ය ප්‍රතිපත්ති නියෝජ්‍ය ආරක්ෂක උප ලේකම් ඇමැන්ඩා ඩෝරි ද වික්ටෝරියා නූලෑන්ඩ් මහත්මිය සමග සංචාරයට සහභාගී වන නියෝජිත පිරිසට ඇතුළත් වේ.

තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වික්ටෝරියා නූලෑන්ඩ් මහත්මිය පැවසුවේ ඉන්දු පැසිෆික් කලාපයේ සාමය, සමෘද්ධිය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම තම නිල සංචාරයේ අරමුණ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles