Wednesday, April 17, 2024

එක් ගමකට එක කඩයක් බැගින් (හෝම් ෂොප්) 14,000ක් ඉදිකිරීමට සැලසුම් කරයි.පොහොට්ටුවේ අයට බඩු ගන්න රුපියල් 2000ක්

මෙරට ජනතාවට අඩු මිලට බඩුභාණ්ඩ ලබා ගැනීම සදහා රටම ආවරණය වන පරිදි එක් ගමකට එක් කඩයක් බැගින් කඩ 14,000ක් ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.

මෙම කඩ ‘හෝම් ෂොප්’ ලෙස නම් කිරීමටත්, ‌ගමේ සිටින පොහොට්ටුවේ පාක්ෂිකයකුට එම කඩය ලබා දීමටත් බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.එම කඩයට සතොස හා සමුපකාර ආයතනවලින් බඩු ලබා දීමටත් තීරණය කර ඇත.

තවද ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ඩොලර් බිලියනයක ණය මුදලින් ලබා ගන්නා භාණ්ඩද මෙම වෙළෙදසැල් වෙතින් අඩු මිලට ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

එම භාණ්ඩ ‌ලබා ගැනීමට පොහොට්ටුවේ තෝරාගත් සාමාජිකයන් හට රුපියල් 2000ක වටිනාකමකින් යුත් කූපනයක් ලබා දීමට තීරණය වී ඇති බවද වාර්තා වේ.

මෙි අතර පළාත් පාලන මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනටමත් ඊට අදාළ සංවිධාන කටයුතු ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් දියත් කර ඇති බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles