Wednesday, April 24, 2024

එයාර්ෆ්ලොට් අවුල!

ශ්‍රී ලංකාවේ රදවාගෙන සිටින  රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීමට  මෙරටබලධාරීන් කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ආර්ථික වශයෙන්  විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා  ක්‍රියා කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන්, ලිඛිත එකගතාවයකට පැමිණ සිටිය දී මේ ආකාරයෙන් ගුවන් යානයක් රඳවා තාබා ගැනීම එසේ මත භේදයකට හේතු වී ඇතැයි ද එම ආරංචිමර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේ රුසියාවයි. එමෙන්ම එළඹෙන ශීත ඍතුවේදී එරට සංචාරකයන් ලක්ෂ 04 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට  සැළසුම් කර තිබූ බව ද ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය .

රුසියාවේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ද එරට සංචාරකයන් 250 ක පමණ පිරිසක් පැමිණ සිටි බව ද ඔහු සදහන් කළේය .

එමෙන්ම මෙම රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි. මෙම යානය හත් වතාවක් ගුවන්තොටුපළ වෙත පැමිණ ඇතිබවත් වාර්තා වේ.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පැමිණීම , ඒ මගින් රටට විදේශ විනිමය ලැබීම සහ දිගුකාලීන මිත්‍රශීලී රාජ්‍යයක් වන රුසියාව සමග මතභේදාත්මක වාතාවරණයක් ඇති කර ඒ තුළින් දෙරට අතර සමීප සබදතා බිද දැමීමේ කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වී ඇති බව එම ප්‍රකාශකවරයා සදහන් කළේය .

මෙම ගුවන් යානය ඇතුළු තවත් ගුවන් යානා රාශියක් අයර්ලන්ත රක්ෂණ සමාගමක් විසින් රක්ෂණය කර තිබූ අතර , හදිසියේම ඇති වූ යූක්‍රේන – රුසියා යුධ ගැටුම් නිසා එම සමාගම වෙත රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වී තිබේ .

මෙයට විසදුමක් ලෙස එරොෆ්ලොට් ගුවන් සේවය , රුසියාවේ රක්ෂණ ආයතනයක් වෙත මෙම ගුවන් යානා සියල්ල ප්‍රතිරක්ෂණය කර තිබේ .

ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගම වෙත වාරික ගෙවීම අත්හිටුවීමත් සමග ඔවුන් මේ පිළිබඳව කොළඹ වානිජ මහාධිකරණය වෙත පැමිණිළි කර තිබේ .

මෙයට සම්බන්ධ නීතීඥයන් කීප දෙනකු ඊයේ දින දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම වාරණ නියෝගය බාර දීමට මෙම ගුවන් යානයේ නියමුවන් ද සොයා තිබූ අතර පසුව මෙම නියෝගය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .


එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලෝට් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද එරෝෆ්ලෝට් ගුවන් සමාගම විසින් අත්හිටුවා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles