Saturday, April 20, 2024

කංචනගේ දවස් මාරුවෙයි!

QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙම මස 25 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදී දිවයින පුරා ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා.‬

‪QR කේත ක්‍රමය යටතේ ඉන්ධන බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා වූ කාල සීමාව තුලදී කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.‬

‪අද සවස 4.00 වන විට QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින සමස්ත පිරිස මිලියන 02ක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.‬

මේ අතර වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම සඳහා පෙර ප්‍රකාශ කරනු ලැබූ දිනයන් හි වෙනස් කම් සිදු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

ඒ අනුව අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ සිදුකරනු ලබන්නේ පහත දැක්වෙන පරිදිය :

0,1,2 – අඟහරුවාදා  සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා  
6,7,8,9 – සඳුදා,බදාදා සහ සිකුරාදා.

මෙම ක්‍රමය මෙම මස 21 වෙනිදා සිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම කිව්.ආර්. සංකේතය ක්‍රියාත්මක කිරීමේදී ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වලට ගෙනයෑමේ ප්‍රායෝගීක ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල රක්‍ෂණ ආවරණය ඉවත්කරන බව රක්‍ෂණ සමාගම් දැනුම් දී ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පැවසීය.

මෙතෙක් කල් ජංගම දුරකථන පිරවුම්හල්වල පෝලිම් පවතිද්දී භාවිත නොකළේද යන්න ජනතාව ප්‍රශ්න නගයි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles