Thursday, March 28, 2024

කාංචන කටාර් යද්දී බයිඩන් ලංකාවට මුදල් එවයි….

කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංවර්ධනය සඳහා වන කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරා සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ණය පදනමින් ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට සාකච්ඡා කළේය.  

වෛද්‍ය සැපයුම් සඳහා අරමුදල් වෙන් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් සඳහා වන ඉල්ලීම සලකා බලන බවත් එහිදී සංවර්ධනය සඳහා කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරා අමාත්‍යවරයාට දැනුම්දී තිබේ

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20ක අමතර පරිත්‍යාගයක් සිදුකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

අද පැවති G7 සමුළුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි කොළඹ පිහිටි අමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

මේ යටතේ ඉදිරි මාස 15 තුළ ශ්‍රී ලංකාවේ දරුවන් 800,000 කට වැඩි පිරිසකට පෝෂණය සහ 27,000 කට අධික ගර්භණී සහ කිරි දෙන කාන්තාවන් සඳහා ආහාර වවුචර ලබා දෙන අතර පාසල් පෝෂණ වැඩසටහනකට සහාය වීම මෙම අරමුදල්වල අරමුණ බවයි සඳහන් වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles