Friday, April 19, 2024

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ත්වය තුරන් කිරීමෙි ජාත්‍යන්තර දිනය දවසේ සජබෙන් විරෝධතා

අද කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ත්වය තුරන් කිරීමෙි ජාත්‍යන්තර දිනය යෙදී තිබෙි

පසුගියදා රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට පිළිතුරක් ලෙස අසභ්‍ය වචනයකින් කාන්තාවන් අපකීර්තියට පත් කළ පොජපෙ මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි කළ ක්‍රියාවට විරෝධය පළ කරමින් දෙවැනි දිනයටත් අද දින පාර්ලිමේන්තුවේ විරෝධය පළවූ අතර සජබ මන්ත්‍රීවරු සිය කමිසවල ‘කාන්තාවන්ට එරෙහි හිංසනය නවතමු‘ යන වැකිය ප්‍රදර්ශනය කළ සටහනක් අලවා පාර්ලිමේන්තුවේ පෙනී සිටියහ.

මේ හේතුවෙන් කැමරාවෙන් එම විරෝධතා වැකිය ඉවත්කිරීමට පාර්ලිමේන්තු වීඩියෝ කණ්ඩායමට අපහසු විය. විරෝධතාව වෙනුවෙන් අත්වල රෝස පැහැ පටියක් බැඳීමටද මන්ත්‍රීවරු ක්‍රියා කළහ.
මේ අතර පක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී මේ ගැන කතාබහවූ අතර පොජපෙ මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි ඉදිරියේදී රූපවාහිනී විවාද වැඩසටහනකට සහභාගී වුවහොත් එවැනි අවස්ථාවල සජබෙන් කෙනෙකුට ආරාධනය ලැබේ නම් එම ආරාධනා ප්‍රතික්ෂේප කරන බවටද තීරණයක් ගන්නා ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles