Saturday, April 20, 2024

කින්නියා, කුරුන්ජන්කර්නි පාරුවට අනුමැතිය ලබාදී ඇත්තේ සමගි ජන බලවේගය හා මුස්ලිම් කොංග්‍රසය සහාය දක්වන කින්නියා නගර සභාවෙන් – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා


කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබ දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහාය දක්වන කින්නිය නගර සභාව මගින් බවත් එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයට චෝදනා කිරීමට විපක්ෂ නායක ගත් ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අදාළ සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ කළ අදහස් දැක්වීමට පිළිතුරු වශයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ය.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු සම්බන්ධයක් නැහැ.

දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසදුමක් ලෙස මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ බවත් එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා.

අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට අදාළ නගර සභාව අනුමැතිය ලබාදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනා. නිවැරදි ප්‍රමීතීන්ට අනුකූලව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles